May 04, 2024

විදේශ ශ්‍රමික ආදායම ඉහළට 

විදේශ රැකියාලාභීන් මෙරටට එවන විදේශ විනිමය 2015 ජනවාරි මාසයට සාපේක්ෂ ව 2016 ජනවාරි මාසයේ දී 7.6%කින් වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

2015 වර්ෂයේ ජනවාරි මාසයේ දී විදේශ රැකියාලාභීන් මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 523.5ක් එවා ඇති අතර එය 2016 ජනවාරි මාසයේ දී ඇමරිකානු ඩොලර් මිලියන 564.4 දක්වා වාර්ධනය වී ඇති බව එම කාර්යාංශය පෙන්වා දෙයි.

2016 ජනවාරි සිට මාර්තු දක්වා වූ කාලය තුළ 58726 දෙනෙකු විදේශ රැකියා සඳහා පිටත් ව ගොස් ඇති බව ද එම කාර්යාංශය සඳහන් කරයි.

 

Rate this item
(0 votes)