May 03, 2024

උණවටුන සහ කටුගොඩ යන දුම්රිය ස්ථාන අතර පාලම අලුත් වෙයි

උණවටුන සහ කටුගොඩ යන දුම්රිය ස්ථාන අතර පාලම නවීකරණය හේතුවෙන් මැයි 06 දින රාත්‍රී 10.00 සිට මැයි 09 දින අළුයම 03.00 දක්වා ගාල්ල හා මාතර දුම්රිය ස්ථාන අතර දුම් රිය ධාවනය නොවන බව ශ්‍රී ලංකා දුම් රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ හේතුව නිසා මරදාන සහ මහනුවර දුම්රිය ස්ථානයන්ගෙන් ගමන් ආරම්භ කරන මාතර දක්වා ධාවනයඑවන දුර ගමන් සේවා සලසන දුම්රිය ගාල්ල දුම් රිය ස්ථානයට පමණක් ධාවනය වේ.

තව ද මාතර දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන දුම්රිය ගාල්ල දුම් රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කිරීමට කටයුතු සංවිධානය කර ඇත. ඉහත සඳහන් දිනවල ගමන් ගන්නා මගීන්ට සිදුවන අපහසුතාවය පිළිබඳ දුම්රිය දෙපාර්තමේන්තුව කනගාටුව පළකර සිටී.

එම දිනවල ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විශේෂ බස් රථ සේවයක් ද ගාල්ල- මතර අතර යෙදවීමට කටයුතු සංවිධානය කර ඇති බව නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වේ.

 

Rate this item
(0 votes)