May 03, 2024

මත්ස්‍ය තහනම සති දෙකකින් ඉවතට

යුරෝපා සංගමය මෙරට මත්ස්‍ය අස්වැන්න ලබා ගැනීමට තවත් සති 02ක පමණ කාලයක් ගත වනු ඇති බව ධීවර අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ මෙරටට පනවා තිබූ තහනම ඉවත් කිරීමට යුරෝපා සංගමය තීරණය කර ඇති බවයි.

ඊට අදාළ යෝජනාව යුරෝපා පාර්ලිමේන්තුව තුළ සම්මතවීමෙන් අනතුරුව එය ලිඛිතව මෙරටට දැනුම් දෙන අතර ඉන්පසු අදාළ ලියකියවිලි සඳහා අත්සන් කොට මෙරටට පනවා තිබූ යුරෝපා සංගම් තහනම නිල වශයෙන් ඉවත් වන බව වාර්තා වේ.

එම අනුමැතියෙන් පසු පෙර පරිදි මෙරට මත්ස්‍ය අස්වැන්න යුරෝපා සංගමය විසින් ලබා ගනු ඇත.

යුරෝපා සංගමය මෙරට මත්ස්‍ය අස්වැන්න ලබා ගන්නා විශාලතම විදෙස් වෙළඳපොළ වෙයි.

මේ අතර ඉන්දු ලංකා ධීවර සාකච්ඡා සඳහා අමාත්‍ය මහින්ද අමරවීර මහතා මැයි මස දෙවන සතියේ ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.

ධීවර අමාත්‍යාංශය සදහන් කළේ ඉන්දීය මධ්‍යම රජයේ ආරාධනයකට අනුව අමාත්‍යවරයා මෙම සංචාරයේ නිරත වන බවයි.

 

Rate this item
(0 votes)