May 03, 2024

“බ්‍රදර් ප්‍රින්ටර් පෙරළිය“ ඇරඹෙයි

ශ්‍රී ලංකාවට බ්‍රදර් ෆැක්ස් යන්ත්‍ර, ඉන්ජෙක්ට් හා ලේසර් ප්‍රින්ටර්ස් ගෙන්වා බෙදාහැරීමේ බලයලත් ඔෆීස් නෙට්වර්ක් ආයතනය “බ්‍රදර් ප්‍රින්ටර් පෙරළිය“ නමින් ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක් කර තිබේ.

මේ යටතේ T300 මල්ටි ෆන්ක්ෂන් ප්‍රින්ටරය හඳුන්වා දුන් අතර ෆේස්බුක් ජාල ඔස්සේ තරගයක්ද සංවිධාන කරන ලදී.

ඒ අනුව එහි ජයග්‍රාහකයා තෝරා ගැනීම පසුගිය 08 වැනිදා පස්වරු 9.45ට කොළඹ කිංස්බරි හෝටලයේ බ්‍රදර් ව්‍යාපාරික සුහද හමුවේදී සිදු කරන ලදී.

අදාල කුසපත් ඇදීමෙන් තරගකරුවන් දහස් ගණනක් අතරින් ජයග්‍රහණය හිමි කරගනු ලැබුයේ අකුරැස්ස පදිංචි කොළඹ විශ්වවිද්‍යාලයේ අවසන් වසර නීති ශිෂ්‍ය අකිල චාමිකර කොඩිතුවක්කු මහතා විසිනි.

ජයග්‍රාහකයාට හිමි T300 මල්ටි ෆන්ක්ෂන් ප්‍රින්ටරය ප්‍රධානය කිරීම පසුගිය 12 වැනිදා නාවල ඔෆීස් නෙට්වර්ක් ප්‍රධාන කාර්යාලයේදී සිදු කෙරිණි.

ත්‍යාග පිරිනැමීම ඔෆීස් නෙට්වර්ක් ආයතනයේ සභාපති ලලිත් අම්බානි මහතා අතින් සිදු කෙරුණු අතර ඔෆීස් නෙට්වර්ක් ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී අනුරුද්ධ අමරසේකර මහතා, ඔෆීස් නෙට්වර්ක් ආයතනයේ ජ්‍යෙෂ්ඨ අලෙවි කළමණාකරු ලෙස්ලි බණ්ඩාර මහතා ඇතුළු කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට සහභාගී වූහ.

Rate this item
(0 votes)
Last modified on Monday, 25 April 2016 10:15