May 03, 2024

රන් අලෙවියේ අඩුවීමක්

වෙළෙඳපොලේ මේ වනවිට රන් භාණ්ඩ අලෙවියේ අඩුවීමක් දක්නට ලැබෙන බව වාර්තා වේ.

20% ත් 30% ත් අතර ප්‍රමාණයකින් රන් අලෙවිය පහළ බැස ඇති බව රන් භාණ්ඩ අලෙවිකරුවන් සඳහන් කරයි.

මේ වනවිට වෙළෙඳපොලේ කැරට් 22 රන් අලෙවි වන්නේ රුපියල් 40,000 ත් 45,000 ත් අතර මිලකට ය.

පසුගිය කාලසීමාව තුළ දී වෙළෙඳපොලේ රන් මිල උච්චාවචනයවීම හේතුවෙන් පාරිභෝගිකයින් රන් භාණ්ඩ මිල දී ගැනීමේ අඩුවක් දක්නට ලැබෙන බව රන් භාණ්ඩ අලෙවිකරුවන් වැඩි දුරටත් සඳහන් කරයි.

 

Rate this item
(0 votes)