May 03, 2024

වී මෙට්ට්‍රික් ටොන් 117,255ක් මිල දී ගෙන අවසන්

ගොවීන්ගේ වී මිල දී ගැනීම සහ ගබඩා පහසුකම් පිළිබඳ පසුගිය දිනවල විවිධ පාර්ශවයන් මගින් රජයට විරෝධය පෑව ද, මේ වනවිට වී අලෙවි මණ්ඩලය මගින් දිවයින පුරා වී මෙට්‍රික්ටොන් 117,255ක් මිල දී ගෙන ඇති අතර ඒ වෙනුවෙන් රුපියල් මිලියන 4,562ක් බැංකු මගින් ගොවියන් වෙත ගෙවා ඇති බව ද ග්‍රාමීය ආර්ථිය පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් මහතා සඳහන් කරයි.

වත්මන් ජනාධිපතිවරයා ද ගොවියෙක් හේතුවෙන් ඔහු ගොවියන්ගේ ගැටළු හොඳින් හඳුනන බවද, ඒ නිසාම ගොවියා ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් වරින් වර තමන් වෙත උපදෙස් දෙන බවත් ගොවියන්ගේ වී මිල දී ගැනීම සඳහා ගෙවිය යුතු මුදල් ප්‍රමාණය බැංකු වෙත නිකුත් කර ඇති බව ත් පැවසීය.

එබැවින් ගොවියාගේ වී ටික වී අලෙවි මණ්ඩලයට දුන් දිනට පසු දිනම රස්තියාදු වීමකින් තොරව බැංකු මගින් අදාල මුදල් ලබා ගත හැකි බවත් මෙතෙක් වී විකුණා ගත නොහැකි වු ගොවීන්ට එළැඹෙන උත්සව සමයෙන් පසුව ද වී අලෙවි මණ්ඩලයට තමන්ගේ වී ලබා දිය හැකි බව අමාත්‍යවරයා වැඩි දුරටත් පවසා සිටියේ ය.

Rate this item
(0 votes)