May 20, 2024

2014 හෝටල් ප්‍රදර්ශනය ජුනි මාසයේ දී 

නව වන වරටත් 2014 Hotel Show ප්‍රදර්ශනය ජුනි මස 13 වැනිදා සිට 15 වැනිදා දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.

දකුණු ආසියාවේ විශාලතම සත්කාරක සේවා ප්‍රදර්ශනය වන Hotel Show ප්‍රදර්ශනය සඳහා මෙවර නවතම අත්දැකීමක් එක්කරමින් වේගවත්ම පීසා නිපදවන්නා තේරීමේ තරගය සහ ශ්‍රී ලංකා කෝපිසැල් තරගය නමින් තරග දෙකක් එක් කර තිබේ.

මෙම තරගය මගින් ශ්‍රී ලාංකේය දක්ෂතා හඳුනා ගැනීමට අදහස් කර තිබෙන බවත් ජයග්‍රාහකයින් තෝරා ගැනීම ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව සිදුකරන බවත් මෙම ප්‍රදර්ශන සංවිධායක කමිටු සභාපති ට්‍රේවින් ගෝමස් මහතා සඳහන් කරයි.

 

Rate this item
(0 votes)