May 08, 2024

කුරුඳු සැකසුම්කරුවන් සඳහා පුහුණු වැඩසටහන් 

කෑගල්ල දිස්ත්‍රික්කයේ කුරුඳු සැකසුම්කරුවන් සඳහා පුහුණු වැඩසටහන් මාලාවක් ආරම්භ කිරීමට අපනයන කෘෂිකර්ම දෙපාර්මේන්තුවේ කෑගල්ල දිස්ත්‍රික් කාර්යාලය කටයුතු යොදා ඇත.

ඒ යටතේ කණ්ඩායම් වශයෙන් පුහුණුව ලබාදීමට කටයුතු කරන අතර මාතර, පලොල්පිටිය පිහිටි ජාතික කුරුඳු පර්යේෂණ මධ්‍යස්ථානයේ දී දින 05 පුහුණුවක් නොමිලේ ලබා දේ. 

පුහුණුව අවසානයේ උපකරණ කට්ටලයක් ද නොමිලේ ලබාදිමට නියමිත බව කෑගල්ල අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ රන්කෙත්කුඹුර මහතා පවසයි.

 

Rate this item
(0 votes)