April 26, 2024

ජනපති අණින් 'මාලුවන්ට' සහතික මිළක්

මාළුවලට සහතික මිලක් ලබාදීමට ක‍්‍රමවේදයක් සකසන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වෙත උපදෙස් ලබාදීඇත.මාළු සඳහා සහතික මිලක් නියම කිරීමෙන් ධීවර ප‍්‍රජාව මුහුණදෙන ගැටළු රැසකට විසඳුම් ලැබෙන බව ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ ධීවර ගැට‍ළු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අරලියගහ මන්දිරයේ පැවැති විශේෂ සාකච්ඡාවක දීය. මහා භාණ්ඩාගාරය සමග සාකච්ඡා කර තීරණයකට එළැඹෙන ලෙසයි ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබාදී ඇත්තේ.

Rate this item
(0 votes)
Last modified on Saturday, 07 June 2014 17:39