May 04, 2024

ආනයනික මත්ස්‍ය නිෂ්පාදන දෙගුණයකින් ඉහළට

2015 වසරේ දී ශ්‍රී ලංකාවට ආනයනය කළ මසුන් සහ මත්ස්‍ය නිෂ්පාදන ප්‍රමාණය පෙර වසරට සාපේක්ෂ ව දෙගුණයකින් පමණ ඉහළ ගොස් තිබේ.

2014 වසරේ දී ආනයනය කළ මසුන් සහ මත්ස්‍ය නිෂ්පාදන ප්‍රමාණය මෙට්ට්‍රික් ටොන් 78,712 ක්වන අතර පසුගිය වසරේ එම ප්‍රමාණය මෙට්ට්‍රික් ටොන් එක් ලක්ෂ විසිදහස් හතලිස් හයකි.

පසුගිය වසරේ දී කරවල මෙට්ට්‍රික් ටොන් 8445 ක්, හාල් මැස්සන් මෙට්ට්‍රික් ටොන් 24,607 ක්, උම්මලකඩ මෙට්ට්‍රික් ටොන් 2216 ක් මෙරටට ආනයනය කර තිබේ.

එමෙන්ම, පරිභෝජනයට ගන්නා මසුන් මෙට්ට්‍රික් ටොන් 33,867 ක් ද පසුගිය වසරේ මෙරටට ආනයනය කර ඇති බව ධීවර අමාත්‍යාංශය සඳහන් කරයි.

 

Rate this item
(0 votes)