May 04, 2024

උතුරු පළාත් කෘෂිකර්ම ප්‍රදර්ශනය ඇරඹෙයි

උතුරු පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් සංවිධාන කළ උතුරු පළාත් කෘෂිකර්ම ප්‍රදර්ශනය ආරම්භ කිරීම උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් පසිගිය දා මන්නාරම, උයිලන්කුලම ගොවිජන සේවා සංකීර්ණ භූමියේ දි සිදු විය.

උතුරු පළාත් කෘෂිකර්ම අමාත්‍ය පි. ඓනේශන් මහතාගේ මෙහෙයවීම යටතේ පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඒකාබද්ධතාවයෙන් යුතු ව ප්‍රදර්ශනය සංවිධානය කර තිබේ.

නව වගා ක්‍රම හඳුන්වාදීම, වගා අස්වැන්න අලෙවි කිරීම මල් වගා ක්‍රම සම්බන්ධයෙන් ගොවි ජනතාව දැනුවත් කිරීම, කාබනික පොහොර වගාව ව්‍යාප්ත කිරීම ආදි කරුණු රැසක් මූලික කර ගනිමින් ප්‍රදර්ශනය පැවැත්වීම සංවිධානය කළ බව උතුරු පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශ නිලධාරීන් සඳහන් කරයි.

එම ප්‍රදර්ශනය එළැඹෙන 16 වැනි දා දක්වා පැවැත්වීමට නියමිත බව ද කෘෂිකර්ම අමාත්‍යාංශ නිලධාරීන් සඳහන් කරයි.

වන්නි - රොමේෂ් මධුෂංඛ

 

Rate this item
(1 Vote)