May 04, 2024

බ්‍රේක් ප්‍රශ්නයක් නිසා නිසාන් ලීෆ් යළි කැඳවයි

තිරිංග පද්ධතියෙහි මතුව තිබෙන දෝෂයක් හේතුවෙන් නිසාන් ලීෆ් වර්ගයේ ඉලෙක්ට්‍රික් මෝටර් රථ 46,859 ක් යළි කැඳවීමට නිසාන් සමාගම පියවර ගෙන තිබේ. 

2013 සිට 2015 වසර දක්වා නිපදවන ලද මෝටර් රථවල මෙම දෝෂය මතු ව ඇති බව සමාගම සඳහන් කරයි.

ඉතා තද ශීත කාලගුණයක් යටතේ වාහන පැදවීමේ දී තිරිංග යෙදීමේ ගැටළු ඇතිවීම ඊට හේතුව වී තිබේ. එහි දී තිරිංග ක්‍රියාත්මක වුව ද ඒ සඳහා දැඩි පරිශ්‍රමයක් යෙදීමට සිදුවන බව ගනුදෙනුකරුවන්ගෙන් සමාගමට පැමිණිලි ලැබී තිබේ.

ඒ සඳහා සමාගම විසින් මොටර් රථවල තිරිංග පද්ධති යළි සම්පූර්ණ වැඩසටහන්ගතකරණයකට (reprogrammed) ලක් කළ යුතු බව පවසා ඇති බව Usa Today ප්‍රවෘත්ති වෙබ් අඩවිය සඳහන් කර සිටී.

අමෙරිකා එක්සත් ජනපදයේ සහ කැනඩාවේ මේ වනවිට භාවිතාවන නිසාන් ලීෆ් රථ මෙලෙස යළි කැඳවීමට කටයුතු කරන බව වාර්තා වේ.

Rate this item
(0 votes)