May 04, 2024

පාන් මිල අඩු වෙයි

අද (14) සිට සතියක කාලයක් නම් කර තිබෙන පාරිභෝගික සතිය නිමිතෙන් සතියක කාලය තුළ පමණක් පාන් රාත්තලක මිල රුපියල් 04.00 කින් අඩු කිරීමට කටයුතු කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

කෙසේ වුව ද තිරිඟු පිටි මිල වැඩිවීමත් සමග පාන් රාත්තලක මිල රුපියල් 02.50ත් රුපියල් 05ත් අතර අගයකින් වැඩි කිරීම සම්බන්ධයෙන් තීරණය 20 වන දායින් පසුව ගන්නා බව බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා සඳහන් කරයි.

මාර්තු 15 වැනි දිනට ජගත් පාරිභෝගික අයිතිවාසිකම් දිනය යෙදී ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි. 

 

Rate this item
(0 votes)