May 04, 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් ඇඳුම වෙනස් කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ විස්සයි-20 ලෝක කුසලාන නිල ජර්සිය මීට දින කිහිපයකට පෙර එළිදක්වනු ලැබී ය. 

මෙවර විස්සයි-20 ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායට අනුග්‍රහය දක්වනු ලබන්නේ ඉන්දියාවේ The Confident Group ව්‍යාපාරික සමූහයයි.

මේ සඳහා The Confident Group සහ ශ්‍රී ලංකා ක්‍රිකට් අතර ගිවිසුම්ගතවීම පසුගිය පෙබරවාරි මාසයේ දී සිදු විය. කෙසේ වෙතත් එහි දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල ජර්සිය ලෙසින් එළිදක්වන ලද්දේ වෙනත් ඇඳුමකි.

පහත දැක්වෙන්නේ ගිවිසුම් ගතවන අවස්ථාවේ දී එළි දක්වනු ලැබූ හා නොබෝදා එළිදක්වනු ලැබූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල ක්‍රීඩා ඇඳුම් දෙකයි.

Rate this item
(0 votes)