May 04, 2024

රේගු කටයුතු විධිමත් කිරීමට ජනපති කමිටුවක්

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ ගැටලු සොයා බලා එහි කටයුතු විධිමත් කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට විශේෂ කමිටුවක් පත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරයා මෙසේ පවසා ඇත්තේ පසුගිය දා ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති සමග පැවැත් වූ සාකච්ඡාවක දී ය.

රේගු දෙපාර්තමේන්තුවේ මතු ව ඇති ගැටලු පිළිබඳ එහි දී වෘත්තීය සමිති සාමාජිකයන් දීර්ඝ වශයෙන් ජනාධිපතිවරයා වෙත කරුණු ඉදිරිපත් කර ඇති අතර ඒ පිළිබඳ වාර්තාවක් කඩිනමින් තමාවෙත ලබාදෙන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.

 

Rate this item
(0 votes)