May 02, 2024

''වස විසෙන් තොර රටක්'' - ප්‍රදර්ශනය නිමාවෙයි

''වස විසෙන් තොර රටක්'' කෘෂිකාර්මික අධ්‍යාපන හා වෙළඳ ප්‍රදර්ශනයේ අවසන් දිනය අදට (08) යෙදී තිබේ.

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ඉකුත් 06 වැනිදා ආරම්භ වූ මෙම ප්‍රදර්ශනය අද රාත්‍රී අවසන්වීමට නියමිතය.

මෙම ප්‍රදර්ශනයට සමගාමීව ඊයේ දිනයේ දී සුරක්ෂිත ආහාර හා තිරසාර ගොවිතැන යන සංකල්පය ක්‍රියාවට නංවමින් වස විස නැති රටක් ජාතික වැඩපිළිවෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි.

ශ්‍රී ලංකාව වස විසවලින් තොර හරිත දිවයිනක් බවට පත් කර සැමට වස විස නැති ආහාර සැපයීම සඳහා වූ රජයේ ප්‍රතිපත්තිය මත පදනම්ව තුන් අවුරුදු ජාතික සැලැස්මක් එහි දි හඳුන්වාදෙනු ලැබී ය.

කෘෂිකාර්මික අධ්‍යාපන හා වෙළෙඳ ප්‍රදර්ශනය තුළින් අද දිනයේත් වස විසවලින් තොරව නිෂ්පාදනය කර ඇති ධාන්‍ය වර්ග, එළවළු වර්ග, අල වර්ග, කුළුබඩු, පළතුරු ඇතුළු බෝග වර්ග මිලදී ගැනීම සඳහා ජනතාවට අවස්ථාව හිමි වේ.

පසුගිය දින දෙක තුළ අති විශාල ජනතාවක් ප්‍රදර්ශන භූමිය වෙත පැමිණි බව ප්‍රදර්ශන සංවිධායකයින් සඳහන් කරයි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 08 March 2016 10:07