May 03, 2024

වැඩි මිලට විකුණන්න අල,ළූණු සැඟවීම අරඹයි 

උත්සව සමයේ දී ආනයනික අර්තාපල් සහ ලොකු ළූණු වැඩි මිලට වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා ගබඩා කිරීමේ කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇති බවට වාර්තා වේ.

දිනකට ආනයනික අර්තාපල් සහ ලොකු ළූණු කන්ටේනර් 25 ත් 30 ත් අතර ප්‍රමාණයක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරන භාරය සඳහන් කරයි.

පසුගිය පළමුවන දා සිට ආනයනික අර්තාපල් සහ ලොකු ළූණු සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ද රුපියල් 20 කින් ඉහළ නැංවීමට රජය කටයුතු කරනු ලැබී ය.

කෙසේ වුව ද උත්සව සමයේ වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන වෙළෙඳුන් සොයා වැටලීම් ක්‍රියාත්මක කරන බව පාරිභෝගික අධිකාරිය සඳහන් කරයි.

 

Rate this item
(0 votes)