April 26, 2024

ආනයනික වාහනවල මිල ඉහළ යයි ද?

මෙරටට ආනයනය කරන වාහනවල තක්සේරු කිරීමේ කටයුතු රේගුව භාරයට ගෙන තිබේ. පෞද්ගලික නියෝජිත ආයතන මඟින් මෙතෙක් එම තක්සේරු කටයුතු සිදුකළ අතර එය පසුගිය මාසයේ සිට රේගුව භාරයට ගෙන ඇත.

මෙම ක්‍රියාමාර්ගයත් සමඟ වාහන මිල යම්තාක් දුරකට වැඩි වීමේ අවදානමක් ඇති අතර වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ මෙරටට ආනයනය කරන වාහනවලින් සියයට 75කට පමණ මෙම තත්ත්වය බලපෑමක් නොකරන බවයි. ආනයනය කරන වාහනවල තක්සේරුව රේගුව භාරයට ගැනීම නිසා එම වාහන පිළිබඳ නියම තක්සේරුවක් වාහන නිෂ්පාදකයන්ගෙන්ම ලබා ගැනීමට මේ මඟින් හැකියාව ලැබෙන බවද වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

Rate this item
(0 votes)
Last modified on Saturday, 07 June 2014 14:24