April 26, 2024

Future Minds 08දා දක්වා BMICHහිදී.

Future Minds - 2014 ජාතික අධ්‍යාපනික හා වෘත්තීය මාර්ගෝපදේශන ප්‍රදර්ශනය ඊයේ (6දා) සිට 08 වැනිදා දක්වා කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වෙයි.

මෙහි සමාරම්භක උළෙල අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේදී පැවති අතර, මෙර ප්‍රදර්ශනයේ තේමාව වූයේ "No One Left Behind (කිසිවෙකුත් අත් නොහරිමු)" යන්නයි.

මෙම ප්‍රදර්ශනය ශිෂ්‍යයන්ට කාර්යක්ෂම වෘත්තීය සැලසුම්කරණයක් සඳහා විවිධ මාවත් හා අවස්ථා සපයා දෙන අනගි අවස්ථාවක් බව සංවිධායකයන් පවසයි. මෙමගින් උසස් අධ්‍යාපන සුදුසුකම් සොයා යන ශිෂ්‍යයන් හා අපේක්ෂාවන් සහිත තරුණ තරුණියන්ට උසස් අධ්‍යාපන ආයතන, රාජ්‍ය හා පෞද්ගලික අධ්‍යාපනික ආයතන අතර සන්නිවේදනය සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමට අවස්ථාව සලසා දෙන බවද පෙන්වා දෙයි. දිවයිනේ ප්‍රමුඛතම අධ්‍යාපනික ප්‍රදර්ශනයක් ලෙස ෆියුචර් මයින්ඩ්ස් අධ්‍යාපනික සේවා අංශයේ ඉහළ ප්‍රමිතියක් නිර්මාණය කර ඇති බවද පවසයි.

09 වන වරටත් පවත්වන මෙම ප්‍රදර්ශනය සංවිධානය කරන ලද්දේ නාලන්දා විද්‍යාලයීය කණිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය (NJOBA) විසිනි. මීට සමගාමීව මහනුවර පවත්වන ප්‍රදර්ශනය ජූනි 14 හා 15 දෙදින කැන්ඩි සිටි සෙන්ටර්හිදීත්, ගාල්ලේ පවත්වන ප්‍රදර්ශනය සැප්තැම්බර් 06 හා 07 දෙදින ගාල්ල නගර ශාලාවේදීත් පැවැත්වීමට නියමිතය.

 

Rate this item
(0 votes)