May 03, 2024

වස විස නැති ජාතික පොළ අද සිට

''ධාර්මික ගොවිතැනක් නිරෝගී ජනතාවක්'' තේමා කරගනිමින් වස විස නති රටක් උදෙසා පැවැත්වෙන වස විස නැති ජාතික පොළ අද (06) කොළඹ බණ්ඩාරනායක,අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්වෙයි.

කෘෂිකාර්මික, අධ්‍යාපනික, වෙළඳ ප්‍රදර්ශනය පෙ.ව. 10.00ට ආරම්භ වෙයි. 

වසවිස නැති ආහාර, පොහොර වර්ග, ගොවිතැන් ක්‍රම, අධ්‍යාපනික සම්මන්ත්‍රණ, වැඩමුළු, ගැමි සංස්කෘතික ප්‍රසංග, ජාතික පොළ භූමියේ පැවැත්වෙයි.

අද ආරම්භ වන ජාතික පොළ හෙට සහ අනිද්දා යන දිනවල ද පැවැත්වෙයි. ජනාධිපති කාර්යාලය, කෘෂිකර්ම අමාත්‍යාංශය එක්ව මෙම වස විස නැති ජාතික පොළ ක්‍රියාත්මක කරයි.

Rate this item
(0 votes)