May 03, 2024

යාපනයේ දරුවන්ගේ අධ්‍යාපනය දියුණු කිරීමට ජපන් ආධාර

යාපනය දිස්ත්‍රික්කයේ අධ්‍යාපනය මට්ටම් දියුණු කිරීම සදහා ජපන් ආධාර වශයෙන් අමෙරිකන් ඩොලර් 180,322 (රුපියල් මිලියන 26ක් පමණ )ලබා දීමට ජපන් රජය තීරණය කර තිබේ. 

මෙම ප්‍රදේශවල දරුවන්ගේ අධ්‍යාපන මට්ටම් ඉහල නංවාලීම සේම  යාපනය දිස්ත්‍රික්කයේ මූතූර් හම්ඩ් මහා විද්‍යාලයට සහ අච්චුවේලි තේරේසා විද්‍යාලයට ගොඩනැගිලි පහසුකම් ද ලබාදී ඇත.

ජපන් තානාපති කෙනිචි සුගනුමා සහ ඒ ඒ ආධාර ලබන විදුහල්වල විදුහල්පතිවරුන් අතර ගිවිසුම් අත්සන් කිරීම ඉකුත් 02 වැනි දා උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී ආණ්ඩුකාරවරයා ඉදිරියේ දී  සිදු කර ඇත.

මෙම අදාල ව්‍යාපෘතිය පළාත් අතර සහයෝගීතාවය නැංවීමට මහත් පිටිවහලක්වන අතර දිලිඳු බවින් පෙළෙන ප්‍රදේශවල ජනතාවගේ යටිතල පහසුකම් නැංවීමටත් ඔවුන්ගේ ජිවන තත්වය වර්ධනය කිරීමටත් අපේක්ෂා කරයි.

මෙම සංවර්ධන ක්‍රියා මාර්ග තුළින් විවිධ අධ්‍යාපන මට්ටම්වල සිටින දරුවන්ගේ අධ්‍යාපන මට්ටම සහ මානසික මට්ටම වර්ධනය කිරීමටත් විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සදහා විශේෂ කුසලතා මගින් ඇගයීමට ලක්කොට ඔවුන්ගේ මානසික මට්ටම ද වර්ධනය කිරීමයි.

අච්චුවේලි තෙරේසා විද්‍යාලය යාපනය අධ්‍යාපන කලාපයේ කෝපායි කොට්ඨාශයේ පිහිටා ඇති එකම කාන්තා විද්‍යාලයවන අතර එම  විද්‍යාලයේ දරුවන් දහසක් පමණ අධ්‍යාපන හදාරයි. මෙම දරුවන්  අතරින් 180ක් පමණ ප්‍රමාණයක් අසරණ වූ දරුවන්වන අතර ඔවුන් නේවාසික ව ඉගෙනුම ලබයි. 

ළමයින්ගේ අවශ්‍යතා අනුව අධ්‍යාපනය හැදෑරීමට ඉඩපහසුකම් සහිත කාමර නොමැති හෙයින් එම විද්‍යාලයේ පන්ති කාමර නැවත අලුතින් ඉදිකිරීම ද සිදු කරයි.

 

Rate this item
(1 Vote)