May 03, 2024

පාස්පෝට් ශ්‍රේණිගත කිරීමකින් ලංකාවට 09 වැනි තැන

පුරවැසිභාවය හා සැලසුම් පිළිබඳ ආයතනයක්වන නවසීලන්තයේ Henley & Partners, විසින් ලොව විවිධ රටවල ගුවන්ගමන් බලපත්‍ර ඇසුරින් සිදුකළ විශේලේෂණයක් එළිදක්වා තිබේ. 

එහි දී වීසා ලබා ගැනීමකින් තොර ව ඉතා පහසුවෙන් තවත් රටකට ඇතුලුවීමේ හැකියාව යන කරුණ මත එක් එක් රටවල්හි ගුවන්ගමන් බලපත්‍ර වර්ගීකරණය කර ඇත.

මෙම ඇගයීමට අනුව ලොව බලගතුම ගුවන්ගමන් බලපත්‍රය ලෙසින් පිළිගෙන ඇත්තේ ජර්මන් ගුවන්ගමන් බලපත්‍රයයි. රාජ්‍යයන් 218 ක් අතරින් 177 කටම පූර්ව වීසා අයදුම්කිරීමකින් ඉතා පහසුවෙන් ජර්මානු ගුවන්ගමන් බලපත්‍ර හිමියන්ට ඇතුල්විය හැකි බව මෙම අධ්‍යයනය මගින් හෙළි වී තිබේ.

මෙහි දෙවන ස්ථානය ස්වීඩනයට හිමි ව තිබෙන අතර ස්වීඩන ගුවන්ගමන් බලපත්‍රධාරීන්ට රටවල් 176 කට අපහසුවකින් තොර ව ඇතුළු විය හැකි බව මින් අනාවරණය වී ඇත.

ලොව බලසම්පන්න බව අතින් ඉදිරියෙන්ම පසුවන සෙසු රටවල් සහ අදාළ ගුවන්ගමන් බලපත්‍රවලින් පිවිසිය හැකි රටවල් පහත පරිදි වේ.

3. ෆින්ලන්තය, ප්‍රංශය, ඉතාලිය, ස්පාඤ්ඤය, එක්සත් රාජධානිය – රටවල් 175

4. බෙල්ජියම, ඩෙන්මාර්ක්, නෙදර්ලන්තය, එක්සත් ජනපදය – රටවල් 174

5. ඕස්ට්‍රියාව, ජපානය, සිංගපූරුව – රටවල් 173

6. කැනඩාව, අයර්ලන්තය, දකුණු කොරියාව, ලක්සම්බර්ග්, නෝර්වේ, පෘතුගාලය, ස්විස්ටර්ලන්තය – රටවල් 172

7. ග්‍රීසිය, නවසීලන්තය – රටවල් 171

8. ඕස්ට්‍රේලියාව – රටවල් 169

9. මෝල්ටා – රටවල් – 168

10. හංගේරියාව, චෙක් ජනරජය, අයිස්ලන්තය – රටවල් 167

මෙම වර්ගීකරණයේ අඩුම බලයක් ඇති ගුවන්ගමන් බලපත්‍රය ලෙසින් නම් කර ඇත්තේ ඇෆ්ගනිස්තානු ගුවන්ගමන් බලපතයි. එමගින් වීසා ලබා ගැනීමකින් තොර ව පහසුවෙන් ඇතුළත් විය හැකි රටවල් ගණන 25 ක් ලෙසින් හඳුනාගෙන තිබේ.

බලයෙන් අඩුම ගුවන්ගමන් බලපත්‍ර ලැයිස්තුවේ 09 වැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමි ව ඇති අතර ශ්‍රී ලංකා ගුවන්ගමන් බලපත්‍ර හිමියන්ට රටවල් 39 කට වීසා ලබා ගැනීමකින් තොර ව ඇතුළත් විය හැකි බව මෙමගින් අනාවරණය වී තිබේ.

බලසම්පන්න බවින් අඩුම ගුවන්ගමන් බලපත්‍ර හිමි රාජ්‍ය පහත පරිදි වේ.

1. ඇෆ්ගනිස්ථානය – රටවල් 25

2. පාකිස්ථානය – රටවල් 29

3. ඉරාකය – රටවල් 30

4. සෝමාලියාව – රටවල් 31

5. සිරියාව – රටවල් 32

6. ලිබියාව – රටවල් 36

7. එරිත්‍රියාව, ඉතියෝපියාව, ඉරානය, නේපාලය, පලස්තීනය, සුඩානය – රටවල් 37

8. කොසෝවෝ, දකුණු සුඩානය, යේමනය – රටවල් 39

9. බංග්ලාදේශය, කොංගෝ, ලෙබනනය, ශ්‍රී ලංකාව – රටවල් 39

10. බුරුණ්ඩු, උතුරු කොරියාව, මියන්මාරය – රටවල් 42

Rate this item
(0 votes)
Last modified on Thursday, 03 March 2016 08:53