May 03, 2024

කාබනික පොහොර භාවිතය ප්‍රචලිත කරයි

වස විසිවලින් තොර කෘෂිකර්මාන්තයක් උදසාත් කාබනික පොහොර භාවිතය ගොවීන් අතර ප්‍රචලිත කිරීම වෙනුවෙනුත් නව වැඩසටහනක් පැවැත්විමය රජය තීරණය කර තිබේ.

ඒ අනුව මාර්තු මස 06, 07, 08 දිනයන්හි එම වැඩසටහන පැවැත්වෙන බවත් එහි දී නව කෘෂිකර්ම ප්‍රතිපත්තියක් ඉදිරිපත්කරන බවත්  පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පැවසුහ.

පොහොර සහනාධාරය ඇතුළු ගොවි ජනතාවගේ ගැටළු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අදාළ සියලු පාර්ශවයන්ගේ සහභාගිත්වයෙන් ඊයේ (29) ජනාධිපති කාර්යාලයේ දී පැවැත් විය. 

පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍යවරුන්වන රවී කරුණානායක, දුමින්ද දිසානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

Rate this item
(0 votes)