May 19, 2024

රජයේ ව්‍යාපෘති සහ මිලදී ගැනීම් සෙවීමට ත්‍රිපුද්ගල කමිටුවක්

February 29, 2016

2014 දෙසැම්බර් 31 වැනිදාට පෙර සිදුකරන ලද නිරවුල් නොවූ රජයේ විවිධ ව්‍යාපෘති සහ මිලදී ගැනීම් පිළිබඳ සොයාබැලීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර ඇති බව මුදල් අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

කැබිනට් මණ්ඩලයේදී ගනු ලැබූ තීරණයකට අනුව දැනට සේවයේ නියුතු සහ විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් මේ සඳහා පත්කර ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

පසුගිය 2014 වසරේ දෙසැම්බර් මස 31 වන දිනට පෙර සිදුකරන ලද රජයේ ව්‍යාපෘති සහ මිලදී ගැනීම් වෙනුවෙන් නිරවුල් කළ යුතුව තිබූ එහෙත් නිරවුල් නොවු ව්‍යාපෘති සඳහා ගෙවීම් සිදුකිරීම් පිළිබඳ සොයා බැලීමට රජය ගත් තීරණයට අනුව මෙම කමිටුව පත්කර ඇත.

අදාළ කමිටුව විසින් එම ව්‍යාපෘතිවලට අදාළ ගනුදෙනු රජයේ පිළිගත්  මූලධර්ම හා මූල්‍යමය වටිනාකම ලැබෙන අයුරින් ප්‍රතිසම්පාදන කමිටුවල අනුමැතිය යටතේ ඉටුකර ඇත්ද යන්න තහවුරු කිරීම අදාළ කමිටුව වෙත පැවරී ඇති බව මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Rate this item
(0 votes)