May 19, 2024

සම්පත් බැංකුව 'Sampath Missed Call Banking' සේවාව හඳුන්වා දෙයි

February 28, 2016

තම සේවාවන් සදහා කවදත් තාක්‌ෂණය සහ නිර්මාණශීලීත්වය එක්‌තැන් කරන සම්පත් බැංකුව දැන් තම ජංගම දුරකථන බැංකුකරණ සේවාවට තවත් අලුත්ම අංගයක්‌ එක්‌කර තිබේ. 

'සම්පත් මිස්‌ඩ් කෝල් බෑන්කිං' (Sampath Missed Call Banking) ලෙස නම්කර ඇති මෙම සේවාව කෙටි පණිවිඩ (SMS) ආශ්‍රිත සේවාවක්‌ වන අතර එමගින් ගනුදෙනුකරුවන්ට ක්‌ෂණිකව හා ආරක්‌ෂිත ලෙස තම ගිණුමේ ශේෂය දැනුම් දෙනු ලැබේ. 

මෙම පහසුකම ලබාගැනීමට නම් ගනුදෙනුකරුවන් මුලින්ම Sampath SMS Alert සේවාව සඳහා ලියාපදිංචි විය යුතු ය. Sampath SMS Alert අයදුම් පත්‍රයක්‌ පුරවා ඕනෑම සම්පත් බැංකු ශාඛාවකට භාරදීම මගින් මේ සඳහා ලියාපදිංචි විය හැක. 

ඉන් අනතුරුව ගනුදෙනුකරුවන්ට සිය සක්‍රීය ගිණුම්වල ශේෂය කෙටි පණිවිඩ මගින් දැන ගැනීමේ අවස්‌ථාව උදා වේ. ඒ සඳහා ගිණුම් හිමියන් කළ යුතු වන්නේ 0112 30 30 80 අංකය අමතා විසන්ධි කිරීම (Missed Call) එකක්‌ ලබාදීම පමණි. එවිට SMS පණිවිඩයක්‌ මගින් ගිණුමේ ශේෂය දැනුම්දෙනු ලබන අතර ඒ සඳහා රු. 5/- ක ගාස්‌තුවක්‌ අයකෙරේ. 

Rate this item
(0 votes)