May 19, 2024

එළවළු මිල 50% කින් අඩුවෙයි

February 27, 2016

පහතරට සහ උඩරට එළවළු වැඩි වශයෙන් වෙළෙඳපොලට ලැබීමත් සමග එළවළු මිල 50% කින් පමණ අඩු වී තිබේ.

එම ප්‍රදේශවලට අමතර ව යාපනයෙන් එළවළු නිෂ්පාදන මේ වනවිට වෙළඳපොල වෙත ලැබී ඇති බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකරන භාරය සඳහන් කරයි.

ඒ හේතුවෙන් වම්බටු, මෑකරල්, දඹල, වට්ටක්කා සහ කැකිරි ආදී එළවළු කිලෝ ග්‍රෑමයක තොග මිල රුපියල් 10 ත් 20 ත් දක්වා පහළ බැස තිබේ.

එමෙන්ම පසුගිය මාස කිහිපය තුළ රුපියල් 150 ත් 200 ත් අතර මිලකට අලෙවි වූ බෝංචි කැරට් සහ ලීක්ස් ආදී එළවළු මේ වනවිට කිලෝ ග්‍රෑමයක් රුපියල් 40 ත් 55 ත් මිලකට අලෙවිවන බවයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථථාන කළමනාකරණ භාරය වැඩිදුරටත් සඳහන් කරයි.

 

Rate this item
(0 votes)