May 19, 2024

ඌවේ කුණුවලින් විදුලිය නිපදවයි

February 26, 2016

ඌව පළාතේ පළාත් පාලන ආයතන මගින් එකතු කරන කසළවලින් ඇල්ල කරඳගොල්ල ප්‍රදේශයේ විදුලිබල ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ඌව පළාත් සභාව පියවර ගෙන ඇත. 

කොරියානු සමාගමක් සමග එක් ව සිදු කරන එම ව්‍යාපෘතිය සඳහා ගිවිසුම අත්සන් කිරීම ඌව ප්‍රධාන ඇමති චාමර සම්පත් දසනායක හා සටාර් ග්රූප් ලංකා සමාගමේ සභාපති  ජිංගි ‍ටේක් යන මහත්වරු විසින්  පසුගිය දා ඌව පළාත් සභාවේ මහ ඇමති කාර්යාලයේ දී සිදු කෙරිණි.

මෙමගින් මෙගවොට් 5-10 ත් අතර විදුලිය ප්‍රමාණයක් ජාතික විදුලි බල පද්ධතියට එක්කිරීමට එම සමාගම අපේක්ෂා කරයි.

ඌව පළාත් සභාවේ ප්‍රධාන ලේකම් ගාමිණී රාජකරුණා, ඌව පළාත් පාලන කොමසාරිස් එම්. එම්. විජේනායක  සහ ප්‍රධාන අමාත්‍ය නීති උපදේශක නීතිඥ සුජීව ජයසිංහ යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

Rate this item
(0 votes)