May 19, 2024

මහනුවර සංවර්ධනයට විශේෂ අධිකාරියක්

February 25, 2016

මහනුවර නගරය සංවර්ධනය ‍කිරීම සඳහා අගමැතිවරයා යටතේ  අධිකාරියක් පිහිටුවීමට කටයුතු කරන බව නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා සඳහන් කරයි. 

අමාත්‍යවරයා මෙම අදහස් පලකළේ මහනුවර නගරය කේන්ද්‍ර කරගනිමින් රුපියල් බිලියන 22 වියදමින් ඉදිකරන අපජල ව්‍යාපෘති‍යේ පිරිසිදු කිරිමේ ඒකකයට මුල්ගල තැබීමේ අවස්ථාවට සහභාගි වෙමිනි. 

බෝගම්බර බන්ධනාගාරය පිහිටි පරිශ්‍රයේ එළිමහන් රංග පීඨයක් සහිත ව සංස්කෘතික මධ්‍යස්ථානයක් වශයෙන් වැඩි දියුණු කිරිමට මේ වනවිටත් සැලසුම් සකස් කර ඇති බවත්, ඒ සඳහා ගොඩනැගිලි නිර්මාණ කටයුතු සිදු කිරීම ආරම්භ කර ඇති බවත් මීට අමතර ව ජපන් රජයේ ආධාර ඇති ව මහනුවර නගරය ඉතා අලංකාරවත් නගරයක් ලෙස වැඩි දියුණු කිරීමට කටයුතු කරන බව පැවසූ අමාත්‍යවරයා ඒ සදහා අග්‍රාමාත්‍යවරයා ජපන් රජය සමග සාකච්ඡා කර එකගතා ඇති කර ගෙන තිබෙන බව ද වැඩි දුරටත් සඳහන් කරයි.

එසේම මහනුවර නගර‍යේ මහයියාව ප්‍රදේශයේ පවතින පැල්පත් නිවාස වෙනුවට මහල් නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට සැලසුම් කොට තිබෙන බව ද හෙතෙම පැවසී ය. මෙම ව්‍යාපෘතියට සමගාමී ව පුද්ගලික නිවාස 500 කට වැසිකිලි ඉදිකිරිමටත්, අධිනාගරික ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් පොදු නාන ස්ථාන හා පොදු වැසිකිලි ඉදිකිරීමටත් නියමිත ය.  

මෙම අපජල ව්‍යාපෘතිය නිමවීමත් සමග මහනුවර නගරයේ පවත්නා නිවාස හා ආයතන 12,600 ක් මගින් ඉවත් කරනු ලබන අප ජලය පිරිපහදුවට ලක් කෙරෙනු ඇත. 

Rate this item
(0 votes)
Last modified on Thursday, 25 February 2016 09:27