May 19, 2024

ආසියානු සංවර්ධන බැංකුව හා ලංකාව අතර ගිවිසුම් අත්සන් කිරීම අද

February 23, 2016

ශ්‍රී ලංකා රජය හා ආසියානු සංවර්ධන බැංකුව අතර ඇති කර ගන්නා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීම අද (23) සිදුවන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති Takehiko Nakao මහතා දිවයිනට පැමිණි අතර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නගා සිටුවීම සඳහා වූ ව්‍යාපෘති කිහිපයක් සඳහා ආසියානු සංවර්ධන බැංකුව හා ශ්‍රී ලංකා රජය අතර මෙම ගිවිසුම්වලට එළඹෙනු ඇත.

එම ගිවිසුම් සඳහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන්  මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අත්සන් තබන බව ද එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Rate this item
(0 votes)