May 19, 2024

වස විසෙන් තොර දේශීය ආහාර මිලදී ගැනීමට අවස්ථාවක්

February 20, 2016

ජනතාවට වස විසෙන් තොර දේශීය ආහාර මිල දී ගැනීමට අවස්ථාව සලසමින් ක්‍රියාවට නැංවෙන “හෙල්දි ෆුඩ්” අලෙවි සැල් දාමයක් පිහිටුවීමේ වැඩසටහනෙහි මූලික අදියර කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් ඊයේ (19) ආරම්භ විය.

ඒ අනුව ජාතික ආහාර ප්‍ර‍වර්ධන මණ්ඩලය මගින් “හෙල්දි ෆුඩ්”අලෙවිසැල මාළබේ දී විවෘත කර තිබේ.

වස විසෙන් තොර දේශිය ආහාර පරිභෝජනය ප්‍ර‍චලිත කිරීම සඳහා මෙවැනි අලෙවි සැල් දිවයින පුරා ව්‍යාප්ත කිරීමට ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය පියවර ගන්නා බව මෙම අවස්ථාවට සහභාගී වෙමින් කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේ ය.

නාගරික සුපිරි වෙළඳසැල් සම්බන්ධ කර ගනිමින්, වස විසෙන් තොර දේශීය ආහාර මිල දී  ගැනීමට පාරිභෝගිකයාට අවස්ථාව සලසන බව ප්‍ර‍කාශ කළ අමාත්‍යතුමා මෙම වැඩසටහන සමග සම්බන්ධවන ලෙස ව්‍යාපාරිකයන්ට ආරාධනා කර ඇත.

 

Rate this item
(0 votes)