May 19, 2024

නව සතොස ශාඛා 190 ක් 

February 19, 2016

ඉදිරි මාස 10 ඇතුළත සතොස ශාඛා 190 ක් අලුතින් ආරම්භ කර මෙම වසර අවසන් වනවිට සතොස ශාඛා ජාලය 500 ක් දක්වා වැඩි කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි. 

ඔහු මේ බව පැවසූවේ පසුගිය දා මන්නාරම පේසාලේ ප්‍රදේශයේ අලුතින් ඉදි කළ 310වන ලංකා සතොස ශාඛාව ජනතා අයිතියට පත් කරමිනි. 

එහි දී රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා පැවසුවේ මේ වනවිට සතොස ශාඛා ජාලය කඩිනමින් ව්‍යාප්ත කිරීමට අවශ්‍ය කටයුතු සිදුකර ඇති බවත් මෙම  සතොස ශාඛා සියල්ලම පරිඝණක ගත කිරීමට අවශ්‍ය කටයුතු මේ වනවිට සිදු කරමින් පවතින බවත් ය.  

ඒ තුළින් වඩාත් කාර්යක්ෂම සේවාවක් පාරිභෝගිකයන්ට ලබාදීම තම අමාත්‍යාංශයේ අපේක්ෂාවවන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

 

Rate this item
(0 votes)