May 07, 2024

''වස විස නැති රටක්'' වැඩසටහන මාර්තු 06 ඇරඹේ

February 18, 2016

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව වසර 03 කින් වස විස නැති ගොවිතැන ශ්‍රී ලංකාව තුළ තහවුරු කරන ''වස විස නැති රටක්'' වැඩසටහන පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත් විය.

2016 මාර්තු මස 06 වැනි දා ආරම්භවන ''වස විස නැති රටක්'' වැඩසටහන මාර්තු මස 08 වැනි දා දක්වා පෙරවරු 10.00 සිට රාත්‍රී 09.00 දක්වා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත් වේ. 

එම වැඩසටහනට සමගාමී ව මාර්තු මස 07 වැනි දා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම පර්යේෂණ නිලධාරී සංගමය හා ගොවි නායකයින් 5000 කගේ පමණ සහභාගීත්වයෙන් ''වස විස නැති රටක්'' වැඩසටහන එළිදැක්වීමේ සම්මන්ත්‍රණයක් ද පැවැත්වීමට නියමිතයි. 

 

Rate this item
(0 votes)