May 06, 2024

'ෂැංග්‍රිලා' ලංකාවේ ආයෝජන පුළුල් කෙරේ

February 16, 2016

ලෝ ප්‍රකට ෂැංග්‍රිලා හෝටල් සමූහය ශ්‍රී ලංකාව තුළ ආයෝජන පුළුල් කිරීමට කැමැත්ත පළ කර තිබේ.

එහි උප සභාපති මධු රාඕ (Madhu Rao) මහතා සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අතර පසුගිය දා මුදල් අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී මේ බව අනාවරණ විය. 

කොළඹ සහ හම්බන්තොට ඉදි කෙරෙමින් පවතින ෂැංග්‍රිලා හෝටල් සමූහය පිළිබඳ මෙහි දී සාකච්ඡා කෙරිණි.

ඉදිකිරීම්වල ප්‍රගතිය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් මෙහි දී සාකච්ඡාවට බඳුන් වූ අතර ශ්‍රී ලංකාවේ ආයෝජන සිදු කිරීමට අවස්ථාව ලැබීම පිළිබඳ සතුටට පත්වන බව රාඕ මහතා සඳහන් කර ඇත.

විදේශ ආයෝජන සඳහා පූර්ණ සහය ලබා දීමට රජය සූදානමින් සිටින බව එහි දී අදහස් දැක් වූ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කියා සිටී.

ලොව දියුණු රටවල් රැසක් මේ වනවිට ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බවත් ඇතැම් රටවල් දැනටමත් එම අවස්ථා උදාකරගෙන ඇති බවත් හෙතෙම අවධාරණය කළේ ය. 

ආයෝජන සඳහා මේ වනවිට ශ්‍රී ලංකාව තුළ සුදුසු පරිසරයක් නිර්මාණය වී ඇති බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් පෙන්වා දුන්නේ ය.

Rate this item
(0 votes)