May 06, 2024

බැංකුවෙන් මුදල් ගැනීමේ දී අමතර ගාස්තුවක් ගනීද? මුදල් ඇමති පහදයි

February 15, 2016

තම ගිණුම්වලින් රුපියල් ලක්ෂ දෙකකට වඩා මුදලක් එකවර ගැනීමේ දී අමතර ගාස්තුවක් අය කර ගැනීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කරයි.

ඔහු ඒ බව පැවසූවේ ඊයේ (14) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිණි.

මෙවර අයවැය යෝජනාවලට අනුව රුපියල් ලක්ෂ දෙකකට වඩා වැඩි මුදලක් එකවර ගැනීමේ දී අමතර ගාස්තුවක් අය කර ගැනීමට රජය තීරණය කර ඇති බවට ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබේ.

කිසියම් මුදලක් මෙරට බැංකුවල තැන්පත් කිරීමේ දී හෙළි කළ යුතු සාමාන්‍ය තොරතුරුවලට අමතර ව කිසිඳු තොරතුරක් ලබාදීමට අවශ්‍ය නොවන බව ඊට සහභාගී වූ මහබැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂ එච්. අමරතුංග මහතා ද සඳහන් කළේ ය.

 

Rate this item
(0 votes)