May 07, 2024

ජනවාරි මාසයේ සංචාරක පැමිණීමේ වැඩිවීමක් 

February 12, 2016

මෙරට සංචාරක පැමිණීම්වල වාර්තාවක් තබමින් 2016 ජනවාරි මාසයේ දී සංචාරකයන් 194,280ක් ශ්‍රී ලංකාව සිය ගමනාන්තය කරගෙන තිබේ.

එය 2015 ජනවාරි මාසයේ පැමිණි සංචාරකයන් 156,246 සමග සැලකීමේ දී 24.3% ක වර්ධනයකි. එමෙන් ම 2014 ජනවාරි මාසයේ දී සංචාරක පැමිණීම් 146,575ක් ලෙසත්, 2013 ජනවාරි මාසයේ සංචාරක පැමිණීම් 110,543ක් ලෙසත් වාර්තා වේ.

එහි දී, 2016 ජනවාරි මාසයේ පැමිණි සංචාරකයන් අතර චීන සංචාරකයන්ගේ පැමිණීම් පසුගිය වසර සමග සැසඳීමේ දී දෙගුණයකින් වැඩි වි තිබේ. 

ඒ අනුව, 2016 ජනවාරි මාසයේ දී චීන සංචාරකයන් 26,083ක් පැමිණ ඇති අතර, එය 2015 ජනවාරි මාසයේදී වාර්තා වූයේ 11,735ක් ලෙසිනි. එමෙන්ම, 2016 ජනවාරි මස වැඩිම සංචාරක පිරිස ඉන්දියාවෙන් පැමිණ ඇති අතර, එය 28,895 කි.

 

Rate this item
(0 votes)