May 06, 2024

භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාත ඉහළට

February 11, 2016

ඊයේ (10) පැවති වෙන්දේසියේ දී භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාත ඉහළ ගොස් තිබේ.

වෙළෙඳපොල පොලී අනුපාත දිශාව පෙන්වන මූලිකාංගයක් ලෙස භාණ්ඩාගාර බිල්පත් පොලිය සැලකේ.

රජයට අවශ්‍ය කෙටිකාලීන මුදල් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ණය ලබාගනු ලබන භාණ්ඩාගර බිල්පත් වෙන්දේසියක් ඊයේ  පැවැත් විය.

රුපියල් මිලියන 20,000 ක් ලබා ගැනීම වෙනුවෙන් ඊයේ එම වෙන්දේසිය පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය 05 වැනි දා ප්‍රකාශ කළේ ය.

එහෙත් මෙම වෙන්දේසියට රුපියල් මිලියන 49,000 සකට අධික ලංසු ප්‍රමාණයක් ඉදිරිපත්වීම හමුවේ ඉන් රුපියල් මිලියන 28,048 ක් ලබා ගැනීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මෙහි දි මාස හයකින් කල් පිරීමක් සහිත ව රුපියල් මිලියන 23,535 ක් ලබාගෙන තිබූ අතර ඉතිරි මිලියන 4,513 ක් ලබාගෙන තිබුණේ වසරකින් කල්පිරෙන බිල්පත් ලෙසයි.

මෙම කාණ්ඩ දෙකේම පොලී අනුපාත කලින් පැවති වෙන්දේසියට වඩා ඉහළ ගොස් තිබූ අතර මාස 6 බිල්පත් පොලිය 5.75% ක් වු අතර වසරේ බිල්පත් පොලිය 7.95 ක් විය.

Rate this item
(0 votes)