May 06, 2024

වී මීලදී ගැනීම 20 වැනි දා ඇරඹෙයි

February 09, 2016

රජයේ සහතික මිල යටතේ මේ මස 20 වැනි දා සිට රජය වී මිල දී ගැනීම ආරම්භ කරන බව ග්‍රාමීය ආර්ථික පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් මහතා සඳහන් කරයි.

මෙවර වී මෙට්‍රික්ටොන් 160,000 ක් මිල දී ගැනීමට සැලසුම් කර ඇති බවත්, ඒ සඳහා අවශ්‍ය මුදල් මහාභාණ්ඩාගාරය හා රාජ්‍ය බැංකුවලින් ලැබෙන බවත් ඒ මහතා පවසා සිටී.

2015 වසරේ දී යල සහ මාස් කන්නවල දී රජය වී මෙට්‍රික්ටොන් 335,000 ක ප්‍රමාණයක් මිල දී ගත් බවත්, ඒ සඳහා රුපියල් මිලියන 15,700 ක් වැය කළ බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළේ ය.

 

Rate this item
(0 votes)