May 07, 2024

වාහන ලියාපදිංචිය 42 % කින් පහළට

February 08, 2016

දෙසැම්බර් මාසයට සාපේක්ෂ ව ජනවාරි මාසයේ වාහන ලියාපදිංචිය 42% න් පහළ ගොස් ඇතයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවට අනුව පසුගිය නොවැම්බර් මාසයේ දී වාහන 62,423 ක් ලියාපදිචි වී තිබේ. එහෙත් එය දෙසැම්බර් මාසයේ දී වාහන 57,356 ක් දක්වාත්, ජනවාරි මාසයේ දී වාහන 32,801 ක් දක්වාත් පහළ ගොස් ඇත. 

මෝටර් රථ ලියාපදිංචිය එහි දී කැපී පෙනන ලෙස පහළ ගොස් ඇත. දෙසැම්බර් මාසයේදී 7177 ක් වූ මෝටර් රථ ප්‍රමාණය ජනවාරි මාසයේ දී 3480 ක් දක්වා 52% කින් පහළ ගොස් තිබේ.

පසුගිය කාලයේ වාහන මිල ගණන්වල සිදුවුණු උච්ඡාවචනය මේ සඳහා බලපාන්නට ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා සඳහන් කරයි.

ලියාපදිංචි වාහන 32,801 න් 22,225 ක් යතුරු පැදි ලියාපදිංචි වී ඇති බවත් මෝටර් රථ 3,480 ත්‍රීරෝද රථ 3,405 ක් වශයෙන් ලියාපදිංචි වී ඇති බවත් ඔහු අවධාරණය කළේ ය.

Rate this item
(0 votes)