April 28, 2024

පාවහන් හා සම්භාණ්ඩ නව මෝස්තර දැක්ම අද 

February 06, 2016

පාවහන් හා සම්භාණ්ඩ ප්‍රදර්ශනයට සමගාමී, ශ්‍රී ලාංකීය පාවහන් හා සම්භාණ්ඩ ක්ෂේත්‍රයේ නව මෝස්තර එළි දැක්වීමේ විලාසිතා දැක්මක් අද (06) සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ දී පැවැත් වේ.

ඊයේ (05) සිට අද දක්වා පාවහන් හා සම්භාණ්ඩ ජාත්‍යන්තර ප්‍රදර්ශනය පැවැත්වෙන අතර මෙවර ප්‍රදර්ශනය ශ්‍රී ලාංකීය නිෂ්පාදනයන්ගෙන් පමණක් සන්නද්ධවනු ඇත.

2014 වසරේ දී පාවහන් හා සම්භාණ්ඩ අපනයනයෙන් ශ්‍රී ලංකාව ලද සමස්ත විදේශ විනිමය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 110කට ආසන්න ය.

ඉන් අමෙරිකානු ඩොලර් මිලියන 86.6ක් පාවහන් අංශයෙන් ද, අමෙරිකානු ඩොලර් මිලියන 22.9ක් සම්භාණ්ඩ අංශයෙන් ද ලබා තිබේ.

 

Rate this item
(0 votes)