April 27, 2024

අලිබබාට හැකර් ප්‍රහාරයක්

February 05, 2016

ලොව විශාලතම ඉ-වාණිජ ජාලයක් වන අලිබාබා හෝල්ඩිංග්ස් වෙත හැකර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

අලිබාබා පරිශීලකයින් මිලියන 20 කට වැඩි ප්‍රමාණයකගේ තොරතුරු හැකර්කරුවන් අතට පත්ව ඇති බවයි එම වාර්තාවල සඳහන් වන්නේ.

අලිබබා ජාලයේ වළාකුල් පරිගණක සේවය (Cloud Computing Service) හැකර්කරුවන්ගේ ග්‍රහණයට නතුව ඇති අතර මෙම තත්ත්වය හමුවේ එක්සත් ජනපද නිව්යෝක් ව්‍යාපාර වස්තු හුවමාරුවේ ලැයිස්තුගත කර තිබෙන අලිබාබා කොටස් මිල, බදාදා දිනයේ දී 3.7% කින් පහත වැටී තිබේ.

මෙම හැකර් ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන කටයුතු පැවැත්වෙන අතර අලිබාබා ප්‍රකාශකයෙකු මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇත්තේ සිය පරිශීලකයින් වෙත ඔවුන්ගේ මුරපද (Password) වෙනස් කරගන්නා ලෙස දැනුම් දී ඇති බවයි.

Rate this item
(0 votes)