April 28, 2024

ව්‍යාපාරික කටයුතු පහසුකිරීමේ සංසද හමුව අදයි

February 03, 2016

ශ්‍රී ලංකා මුදල් අමාත්‍යංශය මඟින් මෙහෙයවන ව්‍යාපාරික කටයුතු පහසුකිරීමේ සංසදයෙහි 06 වෙනි හමුව අද (03) කොළඹ දී පැවැත්වීමට නියමිතය.

ඒ කොළඹ 01, ශ්‍රීමත් රසීක් ෆාරිඩ් මාවතේ පිහිටි මිලෝදා මූල්‍ය අධ්‍යයන ආයතනයේ දී ය.

ව්‍යාපාරික කටයුතු පහසු කිරීම අරමුණු කරගත් මෙම සංසදය ව්‍යාපාරික කටයුතුවලට අදාළ කාර්ය පටිපාටි සහ නියාමන ගැටලු විසඳීමට අවශ්‍යය සජීවී සංවාද මණ්ඩපයක් වන අතර ව්‍යාපාරික කටයුතු පහසුකිරීමේ මිත්‍රශීලී පරිසරයක් නිර්මාණය කරමින් තම ව්‍යාපාරික ගැටලු වලට එම අවස්ථාවේදීම විසඳුම් සොයාගැනීමට පහසුකම් සලසනු ඇති බව සඳහන් වේ.

එම නිසා මෙම සංසදයට සහභාගීවන මෙන් මුදල් අමාත්‍යංශය සියලු ව්‍යාපාරික ප්‍රජාවන්ට ආරාධනා කරන බව ප්‍රකාශ කරයි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 03 February 2016 10:20