April 28, 2024

කොරියාව සමඟ ගිවිසුම් තවදුරටත්

February 02, 2016

ශ්‍රී ලංකාව සමඟ ආර්ථික සබඳතා වර්ධනය කරගැනීමට කොරියානු රජය අපේක්ෂාවෙන් සිටින බව සෝල් නුවර ශ්‍රී ලංකා තානාපතිනී මනීෂා ගුණසේකර මහත්මිය ප්‍රකාශ කළාය.

ශ්‍රී ලංකා - කොරියානු සබඳතාවලට වසර 40 ක් පිරීමට ආසන්න වන අවස්ථාවේ කොරියා හෙරල්ඞ් පුවත්පත ශ්‍රී ලංකා තානාපතිනිය සමඟ පැවැත්වූ සාකච්ඡාවක් අතරතුරදී ඇය මේ බව සඳහන්කර තිබේ.

එම පුවත්පත් වාර්තාවට අනුව නැගෙනහිර අප්‍රිකාව, මැදපෙරදිග, දකුණු ආසියාව, අග්නිදිග ආසියාව සහ ඊසානදිග ආසියාව සම්බන්ධ කරන වෙළඳ හා ආර්ථික මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව වැදගත් වන අතර දැනුම පදනම් වූ ආර්ථිකයකට පරිවර්තනය වන්නට උත්සාහ දරණ ශ්‍රී ලංකාව වැනි රටකට දකුණු කොරියාව සමඟ වෙළඳ සබදතා වර්ධනය කර ගැනීම වාසිදායක කාරණයකි.

ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කෙරුණේ 1977 වසරේදී වන අතර 2014 වසර වන විට දෙරට අතර වෙළඳ පරිමාව ඩොලර් මිලියන 500 කට ආසන්නවූ නමුත් දෙරට අතර වෙළදවාසිය තවමත් පවතින්නේ දකුණු කොරියාවටය.

Rate this item
(0 votes)