April 28, 2024

අධි සුඛෝපභෝගී මගී නැවක් මාගම්පුරයට (PHOTOS)

February 01, 2016

සංචාරක මගීන් 650 ක් රැගත් අධි සුඛෝපභෝගී මගී නෞකාවක් හම්බන්තොට මාගම්පුර මහින්ද රාජපක්ෂ ජාත්‍යයන්තර වරායට ඊයේ (31) ළඟා වී තිබේ.

යුරෝපා 2 සංචාරක මගී නෞකාව ලෝක සංචාරක සවාරියක නිරත වෙමින් සිටිය දී මෙරට ප්‍රධාන වරායන් වෙත පැමිණි බව සංචාරක සමාගම පවසයි.

හම්බන්තොට මාගම්පුර වරායට පැමිණි නෞකාවෙන් පැමිණි සංචාරකයින් යාල, උඩවලව, බුන්දල, කතරගම, ඇල්ල, සිතුල්පව්ව යන ප්‍රදේශවල සංචාරය කිරීම සඳහා බස් රථවලින් පිට ව ගොස් තිබේ.

ජර්මන් සහ ස්වීස් රටවල්වල වැඩිහිටි සංචාරකයින් වැඩි වශයෙන් මෙම ලෝක සවාරිය සඳහා සහභාගී සිටි බව අප වාර්තාකරු සඳහන් කරයි. මාස 03 කට අධික කාලයක් ලොව වටා මෙම පිරිස සංචාරය කිරීමට නියමිත බව වාර්තා වේ.

හම්බන්තොට මාගම්පුර වරායට පැමිණීමෙන් ඉතා පහසුවෙන් සංචාරකයින්ට වැඩි ස්ථාන ප්‍රමාණයක් කෙටි වේලාවකින් නැරඹීමට හැකිවීම හේතුවෙන් හම්බන්තොටට මගී නෞකා පැමිණිමට අවශ්‍ය පහසුකම් මෙයට වඩා පුළුල් කිරීමෙන් සේවාව සැපයීමට හැකි බව සංචාරක මගීනෞකා මෙහෙවන සමාගම් සදහන් කරයි.

රාහුල් සමන්ත - හම්බන්තොට   

Rate this item
(0 votes)