April 27, 2024

පුදුකුඩුඉරිප්පුවට ඇඟළුම් කර්මාන්ත ශාලාවක් 

උතුරේ තරුණ තරුණියන්ට රැකියා අවස්ථා රැසක් උදා කර දෙමින් පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ ඉදි කෙරුණු හයිඩ්‍රාමනී නව ඇඟළුම් කර්මාන්ත ශාලාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් පසුගිය දා විවෘත විය.

සමරු ඵලකය නිරාවරණය කර කර්මාන්ත ශාලාව විවෘත කළ ජනාධිවරයා එහි නිරික්ෂණ චාරිකාවක නිරත වෙමින් සේවක මණ්ඩලය සමග සුහද කතා බහක ද නිරත විය.

පූජ්‍ය අතුරලියේ රතන ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය ද, හින්දු, කතෝලික පූජකවරුන් ද මෙම අවස්ථාවට එක් ව සිටී අතර අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්, උතුරු පළාත් ආණ්ඩුකාර ඒ.එම්.ජී.එස්. පලිහක්කාර, නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා, ආයෝජන මණ්ඩලයේ සභාපති උපුල් ජයසූරිය, අපනයන මණ්ඩලයේ සභාපතිනි ඉන්ද්‍රානි මල්වත්ත යන මහත්ම මහත්මීන් ද විදේශ රටවල තානාපතිවරුන් ද, යුද හමුදාපති, නාවික හමුදාපති, පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ නියෝජිතයින් ද හයිඩ්‍රාමනි ආයතනයේ සභාපති ජගත් හයිඩ්‍රාමනී මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය ද විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වී සිටියහ.

Rate this item
(0 votes)
Last modified on Monday, 25 January 2016 16:18