May 06, 2024

වී මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක් රජයේ ගබඩාවල

වී මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකකට අධික ප්‍රමාණයක් රජයේ ගබඩාවල පවතින බව වී අලෙවි මණ්ඩලය සඳහන් කරයි.

මිල ගණන් පහත හෙළීමට පසුගිය දා පියවර ගැනීමත් සමග වී මිල දී ගැනීමට ව්‍යාපාරිකයින් තරමක් දුරට පෙළඹී සිටින බව එහි සභාපති එම්.බී. දිසානායක මහතා පවසයි.

නාඩු වී කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 40කට අලෙවි කිරීමට මීට පෙර තීරණය කර තිබූ අතර ගැනුම්කරුවන් නොමැතිවීම හේතුවෙන් එය රුපියල් 38 දක්වා පහත දැමීමට පසුගිය දා තීරණය කර ඇත.

පසුගිය කන්නවල දී ගොවීන්ගෙන් මිල දී ගත් වී තොග එලෙස රජයේ ගබඩා 300 ක පමණ ගොඩගැසී තිබේ.

ඉදිරි මහ කන්නයේ දී මිල දී ගන්නා ගොවීන්ගේ වී අස්වනු ගබඩා කිරීමේ අපේක්ෂාවෙන් මෙම වී තොග පෞද්ගලික අංශයට අලෙවි කිරීමට තීරණය කර ඇත.

Rate this item
(0 votes)