May 06, 2024

ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයේ වැඩ අප්‍රේල් මාසයේ දී 

යෝජිත කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයේ වැඩ කටයුතු ඉදිරි අප්‍රේල් මාසයේ දී ඇරඹීමට සැලසුම් කර ඇති බව මුදල් අමත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කරයි.

මෙරට ව්‍යාපාරික කටයුතුවල නිරත නොවන මැදපෙරදිග, ජපානය හා කොරියාවේ ජාත්‍යන්තර බැංකු 07 ක් මෙම ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය හරහා සිය අක්වෙරළ සමාගම් ස්ථාපිත කිරීමට මේ වනවිට සැලසුම් කර ඇති බව මුදල් අමාත්‍යවරයා එහි දී වැඩිදුරටත් සඳහන් කර සිටී.

එසේම දේශීය වශයෙන් ක්‍රියාත්ම බැංකු 37 ක් ඇතුළුව 50 කට ආසන්න බැංකු ප්‍රමාණයක් මෙම මූල්‍ය මධ්‍යස්ථානය තුළ මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිත බව හෙතෙම පෙන්වා දුන්නේ ය.

 

Rate this item
(0 votes)