May 06, 2024

ප්‍රකාශන අලෙවි සැල පුළුල් කෙරේ 

ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ පවතින පොත් අලෙවිසැල පුළුල් කිරීමටත් දිවයිනේ සියලු පළාත් ආවරණයවන පරිදි අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් ප්‍රකාශන අලෙවි සැල් ස්ථාපිත කිරීමටත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අදාල බලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ පොත් අලෙවි සැලෙහි හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරතවීමෙන් අනතුරු ව අමාත්‍යවරයා ඊයේ (08) බලධාරීන්ට මේ බව කියා ඇත. 

පොත් මිල දී ගැනීම සඳහා මේ දිනවල දිගු පෝලීම් දක්කට ලැබෙන අතර ඇතැම් පෙළ පොත්වල හිඟයක් පවතින බව ද එහි දී අනාවරණය වී තිබේ.

Rate this item
(0 votes)
Last modified on Saturday, 09 January 2016 09:48