May 06, 2024

කොටස් වෙළෙඳපොල මිල පහළට 

කොළඹ කොටස් වෙළඳපොලේ මිල දර්ශක ඊයේ (06) දිනයේ දී සුළු පහත වැටීමක් පෙන්නුම් කර තිබේ. 

සමස්ත දර්ශකය ඒකක 22 කින් පහත වැටී 6845 ක් ලෙස සටහන් වූ අතර එස්.ඇන්ඩ් පී. ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය දිනය අවසන දී සටහන් වූයේ 3590 ක් ලෙස ය. 

කොළඹ කොටස් වෙළඳපොලේ ඊයේ දිනයේ මුළු පිරිවැටුම රුපියල් මිලියන 560 කි. සමාගම් 38 ක කොටස් එහි දී ඉහළ ගිය අතර 91 ක කොටස් පහත වැටී තිබේ.

Rate this item
(0 votes)