May 06, 2024

ග්ලයිෆොසෙට් විකුණුවොත් වැඩ වරදී

පසුගිය කාලයේ සහනාධාර මිලට ගෙන්වන ලද පොහොර වැඩි මිලට මිල දී නොගන්නා ලෙස ගොවීන්ගෙන් ඉල්ලා සිටින බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සඳහන් කරයි. 

සහනාධාර මිල යටතේ ගෙන්වන ලද පොහොර වැඩි මිලට විකුණන බවට මේ වනවිට පැමිණිලි ලැබී ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඊයේ (05) පැවැති මාධ්‍ය හමුවකට අමාත්‍යවරයා සඳහන් කළේ ය. 

ඒ අනුව එලෙස වැඩි මිලට පොහොර විකුණන ව්‍යාපාරික ස්ථාන පිළිබඳ ළඟම ඇති ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත දැනුම් දෙන ලෙස ද අමාත්‍යවරයා ගොවීන්ගෙන් ඉල්ලා සිටී.

තහනම් කරන ලද ග්ලයිෆොසෙට් වල් නාශකය ද මෙරට ඇතැම් ව්‍යාපාරික ස්ථානවල විකුණන බවට තොරතුරු ලැබී ඇති බව අමාත්‍යවරයා එහි දී ප්‍රකාශ කළේ ය. 

ඒ අනුව මේ වනවිට තහනම් කර ඇති මෙම වල් නාශකය විකුණන පුද්ගලයන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේ ය.

Rate this item
(0 votes)