May 08, 2024

අල බෝග වගාව ව්‍යාප්ත කිරීමට සැලසුම් 

December 29, 2015

ගොවීන් අතර අල බෝග වගාව ව්‍යාප්ත කිරීම කෙරෙහි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව තිබේ.

මිනිස් පරිභෝජනයට ගත හැකි අල වර්ග 300 ක් පමණ පැවතිය ද ඉන් අතලොස්සක් පමණක් ජනතාව අතර ප්‍රචලිත වී ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 

ආහාර සුරක්ෂිතතා වැඩසටහන යටතේ දුර්ලභ ඝණයේ අල බෝග රෝපණ ද්‍රව්‍යය සකස් කර ගොවීන් අතට පත් කිරීමට සැලසුම් කර තිබේ. 

මේ වනවිටත් එවැනි සැකසුම් මධ්‍යස්ථානයක් අකුරැස්ස - තෙලිජ්ජවිල ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

Rate this item
(0 votes)